මහ විලච්චිය මහ වැවේ වැව් බැම්ම සේදී යාමට පත් වෙලා

වැව් බැම්මේ මෙම සේදී යන කොටස
මහවිලච්චිය ප්‍රදේශයේ ජීවත් වන පිරිසගෙන් සියයට අනු නවයක් පමණ දෙනාගේ ජීවන වෘත්තිය වන්නේ ගොවිතැනයි. මහවිලච්චිය ගොවි ජනතාවට ගොවිතැන් කිරිම සදහා යල මහ දෙකන්නයටම ජලය සැපෙයනුයේ මහවිලච්චිය වැවට ලැබෙන ජලයෙනි. මෝදර ගං ආරු ඔය හරස්කර ඉදිකර ඇති මෙම වැව වසභ රජ සමයේ ඉදි කරන ලද්දක් ලෙස මෙන්ම සාලිය කුමාරයා ව්සින් කරවන ලද්දක් බවටද ජනප්‍රවාදයේ පවති. මෙම වැවට ජලය ලැබීම සදහා ස්ථීර ජල මාර්ගයක් නොමැති අතර මෝදර ගං ආරු නැමැති ඔය හරහා ගලා එන ජලයෙන් වාර්ෂිකව වැව පිරෙන අතර වර්ෂාව ලැබුනහොත් පමණක් වැව ජලයෙන් පිරේ. කෙසේ වුවද දැනට වසර පහක පමණ කාලයක සිට යල මහ දෙකන්නයේම වගා කිරීමට ප්‍රමාණවත් තරම් ජලය වැවට ලැබේ.
මෙම වැව අනුරාධපුර වාරිමාර්ග ඉංජිනේරුවරයා යටතේ නඩත්තු කරමින් මහවිලච්චිය ගොවි ජනතාවට වගා කන්න වලදි අවශ්‍ය ජලය අපතේ නොයවා නිසි පාලනයක් යටතේ ප්‍රදේශයේ ගොවි සංවිධානද සමග එක්ව ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කෙරුනද වැවට දැනට සිදු වී ඇති හානිය පිළිබදව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් දක්වණු ලබන සැලකිල්ල ඉතා පහළ මට්ටමක පවති. මේ වන විට මෙම මහවිලච්චිය මහ වැවේ දකුණු සොරොව්ව දෙසට වන්නට මීටර් 800 ක පමණ ප්‍රමාණයක් දරුණු ලෙස සේදි යාමට ලක්ව ඇත. වැව් බැම්ම සේදී යාම වලක්වන රළපනාව නැමැති ගල් තට්ටුව මෙ ප්‍රදේශය තුළ නොමැතිවීම හේතුවෙන් මෙසේ බැම්ම සේදි යාමට ලක්ව ඇත. දැනට වසර දෙකකට පමණ පෙර වැව් බැම්මේ මෙම සේදී යන කොටස සදහා වාරිමාර්ග දෙපාර්ථමේන්තුව මගින් තාවකාලික පිළියමක් ලෙස වැලි ගෝනි යොදා පිළියම් කළද මේ වන විට එම වැලි ගෝනිද සේදි ගොස් වැව් බැම්ම ඛාදනය වෙමින් පවති. මේ වන විට වැව සම්පුර්ණයෙන්ම පිරී ගොස් ඇති අතර ඉදිරි මාස වලදි මෙම ප්‍රදේශයට ඇති වන අධික සුළං සහිත කාලගුණය හේතුවෙන් තව තවත් මෙ සේදී යාමේ තත්වය දරුණු විය හැක.
මහ විලච්චිය ප්‍රාදේශිය ලේකම් සුගත් කිත්සිරි මහතාගෙන් මෙම මහවිලච්චිය වැවේ වැව් බැම්ම සේදී යාම සම්බන්ධයෙන් විමසිම් කරන ලද අතර ප්‍රාදේශීය ලේකම් වරයා ප්‍රකාශ කළේ වැව් බැම්මේ මෙ සේදි යාමේ තත්වය පිළිබදව අනුරාධපුර මහ දිසාපති එච්. එම්. කේ. හේරත් මහත්මා හරහා අනුරාධපුර අඩවිය භාර වාරිමාර්ග ඉංජිනේරුවරයා දැණුවත් කර ඇති අතර අනුරාධපුර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදිද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලද අතර එහිදී වාර්මාර්ග දෙපාර්ථමේන්තුව මගින් වැවේ මෙම බැම්ම සේදී යාමේ තත්වය එතරම් දරුණු තත්වයක් නොවන බවත් යම් අයුරකින් බැම්ම කැඩි ගියහොත් ඒ සම්බන්ධයෙන් තම දෙපාර්තමේන්තුව වග කියන බවත් ප්‍රකාශ කරන ලද බව දන්වන ලදි.

එච්. ආර්. ගුණදාස
මහවිලච්චිය වාරිමාර්ග ව්‍යාපාරයේ මුල් කලයේ සිටම වගා කරුවෙකු ලෙස ගොවිතැන් කරණු ලබන එච්. ආර්. ගුණදාස මහතාගෙන් මේ පිළිබදව විමසිම් කරන ලද අතර ගුණදාස මහතා මෙසේ ප්‍රකාශ කරන ලදි .””’ ““මහවිලච්චිය වැව කියන්නේ අපේ ජීවිතයෙම ෙකාටසක් මේ වැව නිසා තමයි අපි එදිනෙදා ජිවත් වෙන්න අවශ්‍ය බත සපයා ගන්නෙ. වැවේ බැම්ම මේ වෙනකොට විශාල ලෙස සෝදා යාමට ලක් වෙලා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව මේ පිළිබදව මේ වෙනකං කිසිම පියවරක් අරගෙන නැහැ. මේ වැව් බැම්ම සේදිලා ගිහිල්ලා තියෙන විදිහට බැම්ම කැඩිලා ගියොත් අපේ ජිවිත විනාශ වෙනවා වගේම අපි හරි හම්බ කරගත්ත දේවලුත් විනාශ වෙලා යනවා.ඒ වගේම අපිට අපේ දරු පැටව් ටික ජිවත් කරවන්න තියෙන එකම රස්සාව වන ගොවිතැනත් කර ගන්න බැරි වෙනවා””.

මහවිලච්චිය මහසෙන් ගොවි සංවිධානයේ සභාපති ජයලත් ධර්මතිලක මහතාගෙන් මේ පිළිබදව විමසන ලද අතර ජයලත් ධර්මතිලක මහතා අදහස් දක්වමින් “අපිට තියන එකම සම්පත මේ මහ වැව. අපේ ප්‍රදේශවල මිනිස්සු වැඩි දෙනෙක් ෙහාද අධ්‍යාපනයක් ලබපු උගතුන් නෙවෙයි. ඒ නිසා මේ ප්‍රදේශයේ ජනතාවට කොහෙවත් ගිහින් රැකියාවක් කරන්න බැහැ. ඇති එකම රැකියාව තමයි ගොවිතැන. මහවිලච්චිය ප්‍රදේශයේ ගොවි සංවිධාන මගින් වැවේ මේ තත්වය ප්ළිබදව වාර්මාර්ග දෙපාර්තමේන්තුව දැණුවත් කරලා තිබෙනවා. ඒත් මේ වෙනකං කිසිම පියවරක් අරගෙන නැහැ. දෙපාර්තමේන්තුව කියන්නේ වැවේ මේ සේදි යන කොටස පිළිසකර කරන්න රජයෙන් මුදල් ලබා දෙන්නේ නැහැ කියලයි. දැනට බැම්ම හානිටයට පත් වෙලා තියෙන ප්‍රදේශයේ තත්වය එතරම් දරුණු නොවන බවත් බැම්ම කැඩී යාමට තරම් සේදි යාමක් සිදු වෙලා නැහැ කියලත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශකර තිබෙනවා. ඒත් අපට නම් වැවේ තත්වය පිළිබද ලොකු බියක් තිබෙනවා. වැව් බැමිම කැඩිලා ගිහිල්ලා විපතක් වුණාට පස්සේ කවුරු වග කිව්වත් වැඩක් නැහැ. එම නිසා මේ වැව්ව බැම්ම ඉක්මනින් පිළිසකර කිරිමට අවශ්‍ය කටයුතු කළ යුතුයි”.

වයි. එම්. නිමල් බංඩාර
මහවිලච්චය මහ වැවේ ධීවර රැකියාවේ යෙදෙන අයෙකු වන වයි. එම්. නිමල් බංඩාර මහතා අදහස් දක්වමින් “මේ වැවේ ධීවරයින් විශාල පිරිසක් ඉන්නවා. වැවේ දැනට තියෙන තත්වය පිළිබදව අපට විශාල බියක් තිබෙනවා. මොකද අපි දකිනවා දිනෙන් දිනම වැව් බැම්ම සේදි යනවා. මේ විදිහට මේ බැම්ම සේදෙන්න ගියොත් බැම්ම කැඩෙන්න පුළුවං. එහෙම වුෙණාත් අපේ රැකියාව නැති වෙනවා විතරක් නෙවෙයි විශාල පිරිසකගේ ජිවිතත් නැති වෙන්න ඉඩ තිබෙනවා”. ”
මේ අයුරින් මහවිලච්චිය ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ජිවනාලිය බදු මහවිලච්චිය මහ වැවට දැනට ඇති වී ඇති තත්වය පිළිබදව වාරිමාර්ග දෙපාර්ථමේන්තුවේ අවධානය යොමු කර වැවේ වැව් බැම්ම පිළිසකර කිරිමට අවශ්‍ය කටයුතු කළ යුතු බව මහ විලච්චිය ප්‍රෙද්ශවාසින් නිරන්තරව පවසති.
Visit www.mahavilachchiya.net to read about the Model eVillage Project.









