HOW I GOT A JOB IN MICROIMAGE

Kamal Deshapriya Dissanayake

I am Kamal Deshapriya Dissanayaka. I am 20 years old. I studied at St/ Joseph’s college Anuradhapura. I sat for the AL examination in 2006. I am a commerce student. While I am doing the AL, I had joined with Horizon Lanka. Through Horizon Lanka I could improve my English and computer knowledge well. First of all, I must thank Mr. Nandasiri Wanninayaka. Always he gave valuable advices to me. Actually, I can never forget that. Because of Mr. Nandasiri Wanninayaka I could get an opportunity to work in Microimage.

We had an interview on 22nd May 2007 at Microimage. For this interview seven members came from Horizon Lanka. After the interview, I was selected. I was very happy about that. That is a very special moment in my life. Because of Horizon Lanka now I am working in Microimage. Because of Horizon Lanka a lot of youth in Mahavilachchiya get good computer and English knowledge. I think Horizon Lanka is a real bonus for Mahavilachchiya people. Now everyone knows about importance of Horizon Lanka. Now many Sri Lankans and the world know about this Mahavilachchiya. Actually, I am proud of that.

Kamal Deshapriya Dissanayaka
(A Former Student of Horizon Lanka)

Comments (1) »

The Tragedy at Mahavilachchiya E-Village

20071126mahawilachchiya.jpg

Hope by now you all must have heard of the recent unfortunate incident in Mahavilachchiya. We found the following post in Lanka Rising Blog about the incident in Mahavilachchiya www.mahavilachchiya.net. With the due credits to the blogger, “Lanka Rising” we hope to share it with all Horizon well-wishers. To read the original story, please visit http://lankarising.blogspot.com/2007/11/tragedy-at-mahawilachchiya-e-village.html. You may leave your comments in that blog. We thank Lanka Rising for spending time to do a good web research about Mahavilachchiya eVillage.

No comment »

වැව් බැඳි රටේ සිට සක්වළ තරණය කළ දරුවෝ

From Silumina http://www.silumina.lk/2007/10/21/_art.asp?fn=as0710211

වැව් බැඳි රාජ්යයේ දිවිගෙවන ඔවුන් එදා සිටම පුරුදුව සිටියේ කුඹුරු හා හේන් ගොවිතැනෙන් දිවි රැක ගැනීමටය. හේනේ වැටෙන් එහා ජීවිතයක් ගැන එදා ඔවුහු සිහින නොමැවූහ. හේන රැකගෙන බවභෝග විකුණා ලැබෙන තුට්ටු දෙකෙන් එදා වේල සරිකරගෙන දරුවන්ට අකුරක් ඉගැන්වීම ඔවුන්ගේ සිහිනය විය. එදාය. විල්පත්තු මහා රූස්ස වනයෙන් වටවුණු මේ ගම්පියස අද වැටකඩොලු මායිම්වලින් ඔබ්බට ගොස් මුළු මහත් ලෝකයා සමඟම සබඳතා පවත්වයි. කලක් මහා නගරවල දූ පුතුන්ට පමණක් සීමාවී තිබු ඉංගිරිසිය අද ගම සිසාරා ගොස් එගම දරුවන්ගේ දැනුම පුළුල් කර ඇත්තේය.

අනුරාධපුරයෙන් කිලෝමීටර් 40 ක් ඔබ්බෙන් වූ මහවිලච්චිය නම්වූ මේ ගම්පියස අද මුළු මහත් ලෝකය සමඟම සබඳතා පවත්වන පරිගණක ගම්මානයක් හෙවත් -ගම්මානයක් (e-village) බවට පත්වී ඇත්තේය. එගම මේ තත්ත්වයට ගෙන ඒමට පුරෝගාමී වූ නියමුවා එම ගමෙන් බිහිවූ අයෙකි. ඔහු නන්දසිරි වන්නිනායක . කුඩා කල සිට මහවිලච්චිය ගමේ හතරමායිම් හොඳින් හැඳින ගැමියාගේ හද ගැහෙනා රාවය පසක් කරගත් ඔහු මේ ගමෙන් ඔබ්බට පා තබන්නට නම් ඉංගිරිසිය නැතිවම බැරි දෙයක් බව වටහා ගත්තේය. එතැන් සිට ඔහුගේ අදිටන වූයේ තමන් ඉගෙන ගත් දෙය තම ගමේ දරුවන්ට දී ඔවුන් ලෝකයා හා සම්බන්ධ කරලීමය.

රජයේ ඉංගිරසි උපගුරු පදවියක් ලැබ 1997 වසරේදී මහවිලච්චිය ගමේම පාසලකට මුල් පත්වීම ලැබ පැමිණි දා සිට ඔහු කළේ තම ගමේ හැදෙන වැඩෙන පරපුරට ඉංගිරසි භාෂාව කියා දීමය.

ගම්වල ඉගෙන ගත්තාම රස්සාවක් සොයා ගන්න තියෙන ලොකුම අමාරුව තමයි ඉංගිරසි නොදන්නාකම. මේ ගැන දරුවන් දැනුවත් කර ඔවුන්ගේ ඉංගිරසි අධ්යාපනය නැංවීමට කටයුතු කළා. ඔවුන් දිරිමත් කිරීම සඳහා අත් අකුරින් ලිවූ ඉංගිරසි බිත්ති පුවත්පතක්හොරයිසන්නමින් ආරම්භ කළා. මෙතෙක් මගේ ආරම්භය එයයි.

පසුව මේ පුවත්පත අතින් ලියා පොටෝ කොපි ගසා හැම තානාපති කාර්යාලයකටම තැපැල් කළා. එදා පොටෝ කොපි ගහන්න අපි අනුරාධපුරේටම ආවා. මේ පුවත්පතට රතිචාර දක්වමින් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ළමයින්ගේ ඉංගිරසි අධ්යාපනය වැඩි දියුණු කරන්න පරිගණකයක් පරිත්යාග කළා. පාසලට ලැබුණු මේ පරිගණකය තමයි අප ලද මුල්ම පරිගණකය. තනිවම මෙයින් ඉගෙන ගනිමින් මං ළමයින්ටත් ඉගැන්වූවා. දරුවන්ගේ ඉංගිරසි දැනුම දියුණු වුණා. ඉංගිරසි සාමාර්ථ වැඩි වුණා. මේ අතරේදී මං ගුරු සේවයෙන් අයින් වුණා. ඉන්පසු ගමේ වැඩිහිටියො මගෙන් ඉල්ලීමක් කළා ගෙදර ඉඳන් හරි ළමයින්ට ඉංගිරසි ටික උගන්වන්න කියලා. ඒත් ගෙදර ඉඩ නැහැ. මං වත්තෙ ගහක් යට ඉඳන් ළමයින්ට ඉගැන්වීම ආරම්භ කළා.

අපේ පුවත්පත ගැන තොරතුරු වෙබ් අඩවියකින් දුටු ජපන් ජාතික යුවළක් අපට පරිගණකයක් පරිත්යාග කළා. මෙය තමයි අපේ ගමට ලැබුණු දෙවැනි පරිගණකය. දරුවන්ට ඉංගිරසි උගන්වන ගමන් මං පරිගණක භාවිතය ගැනත් දරුවන්ට ඉගැන්වූවා.

මේ අතරතුර තවත් පාවිච්චි කළ පරිගණක කීපයක් අපට ලැබුණා. දැන් මේවා තියන්න ගෙදර ඉඩ නැහැ. අතරෙදි ආධාර ලෙස ලද මුදලකින් අපි ගමේ පරිගණක විද්යාගාරයක් හදන්න අත්තිවාරම් දැම්මා. මේ ගැන තොරතුරු වෙබ් අඩවි මඟින් දැකලා අපට තවත් උදව් ලැබුණා.” යැයි වන්නිනායක මහතා පවසයි.

ගමේ දරුවන් බියක් සැකක් නැතිව ඉංගිරසි බස හසුරුවන විට පරිගණක භාවිත කරන විට ඉන් අහිංසක සතුටක් වින්දේ මේ දුෂ්කර ගම්මානයේ මවුපියන්ය. පරිගණක තාක්ෂණය ගමට ලැබෙද්දී හරහා ලොව සමග සම්බන්ධවීමට මේ ගමට බාධාවක් වූයේ විදුලිය තිබුණත් දුරකථන පහසුකම් නොතිබීමය. එම නිසාම වෙබ් අඩවිවලට පිවිසීමටත් -මේල් පණිවිඩ එවීමටත් ඔව්හු එකල කොළඹටම පැමිණියහ. 2004 අවසාන වන විට ගමේ දරුවන්ගේ නැණ නුවණ පෑදීමට පැමිණි බිරතාන් ජාතික යුවතියකගේ මවුපියන්ගේ පරිත්යාගයක් මත ගමට අක්කර දෙකහමාරක ඉඩමක් සහිත දෙමහල් පරිගණක විද්යාගාරයක් ලැබිණි. ගමට පරිත්යාගය කළේ ලොවිනා චාල්ස් නමැති බිරතාන් ජාතික කාන්තාවකි.

මහවිලච්චිය ගමේ දරුවන් සහ තරුණ පිරිසගේ පැතුම් මල්ඵල ගනිමින් ඔවුනට ලොව හා සම්බන්ධ වීමේ අවස්ථාව ඉන්පසු සැලැසිණි. ලෝකයේ නොදුටු නොඇසූ දේ ගැන මේ දුෂ්කර ගම්මානයේ දරුවන් පරිගණක හරහා දැනුවත්වීම ඇරැඹුණේ ගම්මානය පුරා සවිකෙරුණු කුලුනු හතක් හරහාය. ලංකාවේ පළමු වරට රැහැන් රහිත අන්තර්ජාල පහසුකම් ලද ගම්මානය වනුයේ මහවිලච්චිය ගම්මානය . සඳහා යොදාගත් තාක්ෂණය වූයේ මෙෂ් තාක්ෂණයයි. කුලුනු ඉදිකර ගැනීම සඳහා මුදල් සෙවීමට ගමේ දූ දරුවන් වෙහෙස වූහ.

අන්තර්ජාල පහසුකම් ලැබීමත් සමග ලෝකය හා තව තවත් සම්බන්ධ වූ මේ දරුවන්ට පළාතේ දුෂ්කරතාවය නිසා නිතර පරිගණක විද්යාගාරයට එන ගමන දුෂ්කර වූයෙන් ඔවුන්ගේ නිවෙස්වලටම පරිගණක හා අන්තර්ජාල පහසුකම් ලබාදීමට තීරණය කෙරුණේ මේ අතරතුරය. ‘ඩිජිටල් බටර්ප්ලයිලෙසින් නම් කෙරුණු මේ වැඩසටහන යටතේ සීමිත මුදලක් ගෙවා පරිගණකයක් ගෙදරට ලබාගැනීමේ අවස්ථාව සැලැසිණි. ගමේ පරිගණක විද්යාගාරයෙන් ලැබෙන දැනුම උපයෝගී කරගෙන ළමයි නිවසේ සිටම පරිගණකය හරහා දැනුම සොයා ගියහ. ඔස්සේ තව තවත් ශිල්ප ඥානය ලැබ ගත්හ. මේ වන විට මහවිලච්චිය ගම්මානය පුරා පරිගණක 50 ක් පමණ වෙයි. ඉන් 15 ක් පමණ ලැප්ටොප් පරිගණකය.

දැන් අපේ ගමේ තරුණ ළමයි මේ පරිගණක දැනුම නිසා ගෙදර සිටම මුදල් උපයනවා. සමහර දරුවන් පාසල් යන අතරවාරයේ කොළඹ මෘදුකාංග සමාගම් හා සම්බන්ධ වෙමින් වෙබ් අඩවි නිර්මාණය කර මුදල් උපයනවා. වර්තමානයේ සැවොම කොළඹින් රස්සා සොයන විට අපේ ළමයි ගමේ තම මවුපියන් හා රැඳෙමින් තම දැනුමට සරිලන සේ ආදායමක් ලබනවා. ඉස්සර මේ වගේ ගම්මානවලින් එන අයව එතරම් ගණන් ගත්තේ නැහැ. ඒත් අද අපේ දරුවන්ට ලැබෙන රැකියා අවස්ථා එමටයි. මේ වගේ ව්යාපෘති ලංකාව පුරා ව්යාප්ත කරනවා නම් තරුණ